අ/සීවලී මහ විද්‍යාලය

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පොසොන් පොහොය දින සැමරීම

istockphoto-507902844-612x612.jpeg
istockphoto-507902844-612x612.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.එම්.සී.බස්නායක

සීවලී විහාරස්ථානයෙන් හමා එන මද සුළගෙන් පහස ලබන සීවලී විදුමංපෙත දශක නවයක් පසු කරමින් සිසු දරුවන් නැණ නුවණින් පෝෂණය කරමින් යහගුණයෙන් හා තාක්ෂණයෙන් පොහොසත් පරපුරක් ගොඩනගා ගැනීමට මහත් පිටුවහලක් වන්නා වූවකි සීවලී විදුහලේ සිප් සතර හදාරන දරු දැරියන් ඉතා දක්ෂ වූත් නැණ ගුණයෙන් සපිරි සෞන්දර්යාත්මක කුසලතා වලින් පරිපූර්ණ වූ සිසු කැළකි අතීතයේ සිටම සීවලී විදුමාතාවගෙන් බිහි වූ සිසු දරුවන්  රට දැය සංවර්ධනය උදෙසා කටයුතු කරන්නෝ ය එය ඉතාමත් සාඩම්බරණීය කරුණකි සීවලී විද්‍යාලයේ සිසු දරුවන් නැණ නුවණින් පෝෂනය නරන්නට මංපෙත විවර කරන්නේ විදුහලේ ගුරුභවතුන්ය ජාතික අරමුණු සාක්ෂාත් කර ගනිමින් විසි එක් වන සියවසයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි ජීව ගුණයෙන් හෙබි පුරවැසියන් බිහි කිරීම අප විදුහලේ එකම අභිප්‍රායයි.

 

ඒ.එම්.සී.බස්නායක
නියෝජ්‍ය විදුහල්පති
අ/සීවලී මහ විද්‍යාලය.