අ/සීවලී මහ විද්‍යාලය

පාසලේ ඉතිහාසය

පාසලේ සිසුන් සදහා සූදානම් කර ඇති ක්‍රිකට් තරගය

පොසොන් පොහොය දින සැමරීම

istockphoto-507902844-612x612.jpeg
istockphoto-507902844-612x612.jpeg

අනාදිමත් කලක සිට රටේ පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අනුරාධපුර රාජධානියට අයත් ප්‍රදේශයක සිවලාකුලම නම් වූ රමණීය ගම්මානයක පිහිටා ඇති උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේඛම් කොට්ඨාසයේ සිවලාකුලම ග්‍රාමයේ මෙම විදුහල ස්ථාන කොට තිබේ. සීවලී ධාතු නිධන් කොට සීවලී චෙත්‍ය ඉදි කිරීම නිසා සිවලිපුර නමින් හැදින් වූ මෙම ගම්මානයේ ඇති සියලුම ආයතන වලට සීවලී නාමය භාවිතා කොට ඇත.

ක්‍රි.ව 1924 පෙර මෙම ගම්මානයේ දරුවන්ට අධ්‍යාපනය ලබාගන්නට පාසලක් නොවීය. ඒ නිසා වන සතුන්ගේ ගහණ වන රොදක් ඔස්සේ මානන්කට්ටිය විදුහලට යෑමට සිදු වීම අනතුරුදායක විය.
මේ නිසා සිවලාකුලම ගම්මානයේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට පාසලක් ආරම්භ කීරිමේ අවශ්‍යතාව දැඩි සේ දැනෙන්නට වූ හෙයින් සිවලාකුලම සීවලී චෙත්‍යාරාමයේ වැඩ විසු බක්මිගහඋල්පත ශ්‍රී සරණංකර මාහිමියන්ගේ හා උඩයාරේ ආරච්චිලා,අඩයාරේ වෙල්විදානෙ,සෙල්ලවන්නිහාමි,ඩබ් කපුරාල,කේ අප්පුහාමි ආදි ප්‍රභූවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිවලාකුලම සීවලී විද්‍යාලය ආරම්භ කරන ලදි ආරම්භක විදුහල්පති වූයේ ඇබිත්තප්පු මහතමයාය.

1924-01-15 දින විදුහල්පති තනතුරට පත්ව ආ මානන්කට්ටියේ ටී.බි රාජපක්ෂ මහතා විදුහලට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සදහා කටයුතු ආරම්භ කරන ලදි. මේ සදහා සීවලී විහාරසථානයේ ඉඩමෙන් කොටසක් හා ගම්වාසීන්ගේ වෙල්යායෙන්කොටසක්ද පාසල ඉදි කිරීමට පරිත්‍යාග කොට ඇත එම භූමියේ 1926 වර්ශයේ විශාල කුලුණු රාශියකින් යුත් දිග පළල 100 50 වන සේ ප්‍රථම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ටී.බී රාජපක්ෂ මහතාගේ සිට කොස්වත්ත මහතාගේ කාලය දක්වා මෙම විදුහලේ විදුහල්පතිවරුන් අට දෙනෙකු සේවය කළ බව පාසලේ ලේඛන ගත තොරතුරු වලින් යුක්ත වේ. යූ.ජී කොස්වත්ත විදුහල්පතිතුමාගේ කාලයේ එනම් ක්‍රි.ව 1961-05-08 වන දින සීවලී විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කළේ ය. එසේම අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ඉදිකරන ලද්දේ ද මෙතුමාගේ කාලයේ ය. මේ කාලයේ තවත් ගොඩනැගිලි කිහිපයක් ද ඉදිකර ඇත. සීවලී විද්‍යාලයෙන්  ප්‍රථම වරට විශ්ව විද්‍යාලයට  ශිෂ්‍යයෙක් ඇතුළත් වූයේ ද කෙස්වත්ත විදුහල්පතිතුමාගේ කාලයේදී ය. පාර්ලිමේන්තු මන්ත්‍රි පතිරාජ තෙන්නකෝන් මහතා ද මෙම විද්‍යාලයේ දියුණුවට මහගු සේවයක් කර ඇත. සිවලාකුලම සීවලී විදුහල මහ විද්‍යාලයක් බවට පත් කිරීමෙන් පසුව අ.පො.ස (සා/පෙළ) හා අ.පො. ස (උ/පෙළ) කලා වාණිජ අංශයෙන් පන්ති ආරම්භ කර තිබේ.