මාතා ඔබ අප ජීවනයේ
සීවලී මහ විදුහල් මෑණි
ඔබෙ ගුණ සමරා ගයනෙමු ගීතා
විදුහල් මව්නි අපේ....//
හෙළ හැදියාවේ සහසැදියාවේ
මුල් පියවර දී කැටිකරලා
ඒ හා විදුඑළියක් අප වෙත දී
ලෝ වැඩ දියුණු පතා....//
මාතා ඔබ අප ජීවනයේත්‍වගරැරැ
රජරට දේශේ වීර විකුම්
හිමිකර සිටි ගාමිණි රජිදුන්
වළගම්භා දී හෙළයන්
සිහියට නංවාලා....//
මාතා ඔබ අප ජීවනයේත්‍වගරැරැ
තොටගමුවේ සිරි රහල් හිමි
විදු සක්විති මහ පැරකුම්බා
ඒ හා සමවන වීර පුතුන්
ඔබතින් බිහි වේවා....//





